පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය - 2016 ඉන්දියාවේ නොපැවැත්විය යුතු බවට පාකිස්තානයේ විචාරකයෝ අදහස් දක්වති.
ඒ ඉන්දියාව - පාකිස්තානය අතර පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි. ඒ පිළිබඳව සමාජ ජාල හරහා මේ වනවිට විවිධ තොරතුරු හුවමාරු වන අතර පාකිස්තාන ජාතිකයන් පවසන්නේ, අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්විය යුතු බවයි.
මීට අමතරව ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් ඉන්දීය ප්‍රේක්ෂකයන් කුපිතව හැසිරුණු අතර,එයද තරගාවලිය ඉන්දියාවෙන් විතැන් කිරීමට එක් හේතුවක් ලෙස ඔවුහු පවසති.
විශේෂයෙන්ම තරගාවලියට සහභාගීවන සියලුම කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දියාවට හැකියාවක් නැතැයිද පාකිස්තාන සමාජ ජාල ක්‍රියාකාරීහු පවසන අතර, ඉන්දියාවේ අන්තවාදීන් සිටින බවත් පෙන්වා දෙති.
කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිය 2016 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි20 තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට ලබාදී තිබෙන අතර, ඊයේ (20දා) වනවිටත් එහි වෙනසක් සිදුවී නොතිබුණි.