ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයක් පිළිබඳව තාම තීරණයක් ගෙන නැති බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තාන සංචාරයකට එක්වීමට පාකිස්තානයේ ආරක්ෂාවතවමත් හොඳ තත්ත්වක නැති බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා 'අද' පුවත්පතට ඊයේ (12දා) පැවැසීය.
ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම නුදුරේදීම පාකිස්තාන සංචාරයකට එක්වෙන බව ප්‍රකාශ කළේය. පාකිස්තාන අන්තර් පළාත් අමාත්‍ය රියාස් හුසේන් මහතා පාකිස්තානයේ ද නේෂන් පුවත්සේවයට සති අන්තයේදී ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයක නිරතවනවානම් ඒ සඳහා උපරිම ආරක්ෂාවක් ලබාදීමට සූදානම් බවයි.
" පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා තවම ආරාධනාවක් නෑ. අපිට එහෙම යන්න අදහසකුත් නෑ. අනාගතයේදී ඒ අයගේ (පාකිස්තානයේ) ආරක්ෂක තත්ත්වය හොඳ වුණාම යනවා (පාකිස්තාන සංචාරයක් සඳහා) කියලා ජනපතිතුමා ප්‍රකාශ කරන්න ඇති. නමුත් දැන් තියෙන විදියට අපට යන්න පුළුවන් විදියට ආරක්ෂක තත්ත්වය තාමත් හොඳ තත්ත්වයකට පත්ව නෑ" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට 2009 වසරේදී එල්ලවූ ත්‍රස්තප්‍රහාරයෙන් පසුව ටෙස්ට් ක්‍රීඩාකරන කණ්ඩායමක් මේ දක්වා පාකිස්තානයේ තරග සංචාරයකට එක්නොවූ අතර පාකිස්තාන සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරගාවලි පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය.