ප්‍රථමාධාර ලබා දීමට පුහුණුවක් ලබා තිබීම ඕනෑම පුද්ගලයෙකුට වැදගත් වන්නේ හදිසි අවස්ථාවකදී යමෙකුගේ දිවි බේරා ගැනීමට එහි අගය කියා නිමකර නොහැකි වීමට ඉඩ ඇති හෙයිනි.
සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම ක්‍රීඩාවේදීද මෙම ප්‍රථමාධාර පිළීබඳ පුහුණුවක් ලබා තිබීම එහි අනතුරු වලින් ක්‍රීඩකයෙකුට වන හානිය වළක්වා ගැනීමට අතිශය වැදගත් වේ.
පාපන්දු පිටියේදී පසුගියදා සිදුවූ එවැනි සිදුවීමක් ලොව පුරා මාධ්‍ය වල දැඩි අවධානයක් දිනා ගත්තේ ප්‍රථමාධාර පිළීබඳ දැනුම නිසා සිදුවීමට ඉඩ තිබූ මහා විනාශයක් ඉන් වැළකී යාම නිසාය.
චෙක් ජනරජයේ ලීග් පාපන්දු තරගාවලියක්දී බොහේමියන්ස් හා ස්ලෝවැකෝ අතර පැවති තරගයකදී බොහේමියන්ස් කණ්ඩායමේ දැල් රකින්නා වූ මාටින් බර්කෝවික් ප්‍රතිවාදී ගෝලයක් රැක ගැනීමට දිව යාමේදී තම කණ්ඩායමේම ක්‍රීඩක ඩැනියෙල් ක්රිච් හා එකට ගැටුණු අතර ඒ සමගින් සිහි විසඥ තත්වයට පත්වූ මාටින් පිටිය තුළ ඇද වැටුනේ අසළ සිටි පිරිස අන්දමන්ද කරමිනි.
කෙසේ වෙතත් එහිදී ඔහු අසල සිටි ප්‍රතිවාදී ස්ලොවැකෝ කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ෆ්‍රැන්සිස් කෝන් එක්වරම මාටින් ට ප්‍රථමාධාර ලබා දිමට උත්සුක වූයේ එතෙක් පිටිය තුළදී පැවති එදිරිවාදිකම් අමතක කරමිනි. සිය දිව ගිලීම හේතුවෙන් හුස්ම හිරවීමේ අවධානමක් තිබූ මාටින්ගේ දිව නැවතත් ප්‍රකෘති තත්වයට ගෙන ඒමට ෆ්‍රැන්සිස් මෙහිදී ක්‍රියා කළ අතර ඉන් අනතුරුව තරග බළධාරීන් වහාම ක්‍රියාත්මක වෙමින් මාටින්ව රෝහළ වෙත රැගෙන යාමට කටයුතු කලේය.
කෙසේ වෙතත් ෆ්රැන්සිස්ගේ තැනට සුදුසු නුවණ නිසාවෙන් මාටින්ගේ ජිවිත අවධානය පහව ගිය අතර ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව වාර්තා වේ.
සිදුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මේ පිළිබඳ අදහස් දැක්වූ ටොගෝ ජාතික ෆ්‍රැන්සිස් පවසා ඇත්තේ මෙවැනි සිදුවීමකට තමන් මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවන බවත් මෙවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ තමන් හොඳින් දැනුවත් වී සිටි බවත්ය.