ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය පෙබරවාරි 24 දා බංග්ලාදේශයේදි ආරම්භවීමට නියමිතය. ආසියානු කුසලාන තරගාවලිය මේ වසරේ පටන් විස්සයි20 තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර එහි වත්මන් ශූරයන් වන්නේ ශ්රී ලංකා කණ්ඩායමයි.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය පෙබරවාරි 25දා පැවැත්වීමට නියමිතය. ඒ ඇෆ්ගනිස්තානය, ඕමානය, හොංකොං හා එක්සත් අරාබි එමිර් රාජ්ය යන කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමක් සමගිනි.
අදාළ කණ්ඩායම් හතර සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්රීඩා කරන අතර එයින් පෙරමුණ ගන්නා කණ්ඩායම ප්රධාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.
ප්රධාන තරගාවලියට විස්සයි20 තරග 11ක් ඇතුළත් අතර අවසන් මහ තරගය මාර්තු 6දා පැවැත්වීමට නියමිතය.
ආසියානු කුසලාන තරගාවලියේ මේ දක්වා පැවැති එක්දින තරග වලදී සාර්ථකම කණ්ඩායම බවට පත්ව ඇත්තේ ශ්රී ලංකා කණ්ඩායමයි. එහිදී තරග 48 ක් ක්රීඩා කර ඇති ශ්රී ලංකා කණ්ඩායම එයින් තරග 34ක්ම ජයගැනීමට සමත්ව තිබේ.