2017 ඉන්දියන් ප්‍රිමියර් ලීග තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරිමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ සංජු සැමසන් සමත්වූයේය. ඒ දිල්ලි කණ්ඩායම හා රයිසින් පූනේ කණ්ඩායමට එරෙහිව ඊයේ (11දා) පැවැති තරගයේදීය. සංජුගේ ශතකය හේතුවෙන් දිල්ලි කණ්ඩායම පූනේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 97ක දැවැන්ත ජයග්‍රහණයක්ද වාර්තා කිරිමට සමත්වූයේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ලකුණු 205 ක් වාර්තා කිරිමට සමත්වූයේ කඩුලු 4ක් පමණක් වැය කරමිනි.ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ක්‍රිස් මොරිස් පන්දු 9කින් ලකුණු 38ක් වාර්තා කිරිමට සමත්විය. හතරේ පහර 4ක් හා හයේ පහර තුනක් ඔහුගේ ඉනිමට ඇතුළත්විය.
ලකුණු 206ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි පූනේ කණ්ඩායමට පන්දුවාර 16.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 108ක් පමණි. අමිත් මිශ්රා හා සහීර් ඛාන් කඩුලු 3 බැගින් දවාගත්හ. මායන්ක් අග්රාවල් රැස්කළ ලකුණු 20 පූනේ කණ්ඩායමෙන් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.