මහේල ජයවර්ධනගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (04දා) සන්ධ්‍යාවේ පැවති තරගයකින් ලිබ්රා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 63 ක ජයක් ලැබීමට සැග්ටේරියස් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රකර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 227 ක් රැස්කිරීමට සමත්විය. ප්‍රහාරාත්මක ඉනිමක් ගොඩනැගූ මහේල ජයවර්ධන පන්දු 60කදී ලකුණු 124 ක් රැස්කිරීමට සමත්විය. මහේලගේ ඉනිම දැවැන්ත හයේ පහර 09 ක් හා හතරේ පහර 10කින් වර්ණවත් විය. මෙවර තරගාවලියේ පිතිකරුවෙකු රැස්කළ පළමු ශතකය මෙය වේ. මහේලට අමතරව ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 28කදී ලකුණු 38 රැස්කළ අතර, ආරම්භක පිතිකරුවන් ලෙස මහේල - ගිල්ක්‍රිස්ට් සුසංයෝගය පළමු කඩුල්ලට ලකුණු 102 ක සබඳතාවක් ගොඩනැගූහ. ඒ සඳහා ඔවුන් වැයකළේ පන්දු 59 ක් පමණි.
ලකුණු 228 ක ඉලක්කයක් හඹාගිය ලිබ්රා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවි රැස්කිරීමට හැකිවූයේ ලකුණු 164 ක් පමණි. ඉනිමේ ඉහළම ඉනිම ගොඩනැගූ සීන් අර්වින් පන්දු 20කදී ලකුණු 55 ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 05 ක් හා හතරේ පහර 04 ක් අන්තර්ගත විය. ස්ට්‍රකර්ස් වෙනුවෙන් ශේන් බෝන්ඩ් හා ඩැනියල් විටෝරි කඩුලු දෙක බැගින් දවාලූහ. තරගයේ වීරයා ලෙස මහේල ජයවර්ධන සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව