පළමු දිනය නිමාවේදී ශ්‍රීලංකාව එක් කඩුල්ලකට ලකුණු 187යි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ගන්නට සමත් වුනා. එක් ලකුණක් රැස් කිරීමටත් පෙරාතුව පළමු කඩුල්ල ලෙස උඩ පන්දුවක් ලබාදීමෙන් දිමුත් කරුණාරත්න දැවී ගියත් දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187ක් රැස් කරගන්නට සමත් විය.
මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 129යි පන්දු 5ක් අවසානයේදී කණ්ඩායමේ සියළු දෙනා දැවී ලකුණු 513ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ අතර, ශ්‍රී ලංකා ඉනිමේ පළමු පිතිකරු ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට යවන්නට බංගලාදේශ පන්දු යවන්නන් සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වුනු ධනංජය ද සිල්වා ලකුණු 104ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 83ක් නොදැවි රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිම සාර්ථක කරන්නට සමත් වූහ. දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48ක් අවසානයේ එක්ල කඩුල්ලක් දැවී ලකුණු 187ක් ලබාගෙන සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


