සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 226ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (10දා) සමත් විය. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන් වාර්තාකළ දැවැන්තම ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) වේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 453ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 226ක සීමාකිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. පස්වැනි දිනයට අද ඉනිම ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 176ක් රැස්කරගෙන සිටි අතර, ඔවුන් ජයග්‍රහණයට ලකුණු 277ක් පසුපසින් සිටියේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ඉතිරි කඩුලු 07 ලකුණු 50ක් ඇතුළත බිඳවැටිණි.
ට්‍රිනිඩෑඩ්හි කුවීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය පසුගිය බදාදා (06දා) ආරම්භ වූ අතර, එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 414/8ක් රැස්කර ඉනිම අත්හිටුවූ අතර, ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 185ක් පමණි. ඒ අනුව ලකුණු 229ක වාසියක් සමග පිටියට පිවිසි කොදෙව්වන් සිය දෙවැනි ඉනිමට ලකුණු 223/7ක් රැස්කර ඉනිම අත්හිටුවීය.
බ.ඉ. කෙදෙව් පළමු ඉනිම 414/8 (පන්දුවාර 154)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 185/10 (පන්දුවාර 55.4)
බ.ඉ. කොදෙව් දෙවැනි ඉනිම 223/7 (පන්දුවාර 72)
කිරන් පවෙල් 88 (127, 4x7, 6x2), ජේසන් හෝල්ඩර් 39 (40, 4x4, 6x1), ඩෙවොන් ස්මිත් 20 (30, 4x3), ළහිරු කුමාර 3/40 (9), රංගන හේරත් 2/52 (24)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 226/10 (පන්දුවාර 83.2)
කුසල් මෙන්ඩිස් 102 (210, 4x10, 6x2), ඇන්ජලෝ මැතිව්ස් 31 (80, 4x3), දිනේෂ් චන්දිමාල් 27 (83, 4x2), රොස්ටන් චේස් 4/15 (8.2), ඩ්වෙන්ද්ර බ්රිෂෝ 3/48 (19), ෂනොන් ගේබ්‍රියල් 2/52 (15)