සංචාරක ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 108කින් පාරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි එක්දින තරගය ජයගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග හතකින් සමන්විත එක්දින තරගාවලිය තරග පහක් අවසානයේදි 3-1ක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 360ක් රැස්කළේය. හයවැනි කඩුල්ල සඳහා එක්දින ක්රිකට් පිටියේ ඉහළම සබඳතාව වාර්තා කළ ග්රාන්ට් එලියට් හා ලුක් රොන්කි නොබිඳුණු ලකුණු 267ක සබඳතාවක් ගොඩනැගූහ.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ලවූ අභියෝගයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනාම දැවී රැස්කරගත හැකිවූයෙ ලකුණු 252ක් පමණි.