ඉන්දියාවේ දී කළ පරීක්ෂණය සාර්ථකවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග දෙකට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟපන්දු යැවීමේ ක්‍රීඩක සචිත්ර සේනානායක 'අද' පුවත්පතට පැවසීය.
අංශක 15 රීතිය කඩ කරන බවට චෝදනා ගොනුවීමෙන් පසුව සිය ඉරියව්ව නැවත සකස් කරගැනීමට සචිත්ර පසුගිය මාස පහක කාලය තුළදී කටයුතු කරනු ලැබීය.
ඉන් අනතුරුව පෙරේදා (23දා) සචිත්ර ඉන්දියා චෙන්නායි නුවර රාමචන්ද්‍රන් විශ්වවිද්‍යාලයේ දෙවැනි පරීක්ෂණය සඳහා පෙනී සිටියේය. ඒ පිළිබඳව අද කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පැවසීය.
මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙන්ම, ශ්‍රී ලංකා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ විශේෂ සහායක් තමන්ට ලැබුණු බව සචිත්ර සඳහන් කළේය.
“මාස පහක විතර කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවත් එක්ක වැඩ කළා. පියල් අයියා, ජෙරම් අයියා, අජිත් අයියා මාත් එක්ක ගොඩක් වැඩ කළා. නම් නොකීවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බොහෝ දෙනෙක් මාත් එක්ක හිටියා.” යැයි පවසා සිටියේය.
සිය පන්දු යැවීමේ ඉරියව්වේ වෙනස්කම් සිදුකළ බවත්, පරීක්ෂණය මෙහෙය වූවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණු බවත් සචිත්ර පැවැසීය.
"පන්දු යැවීමේ ඉරියව්වේ වෙනස්කම් එකක් දෙකක් පමණයි කළේ. අන්තිම පරීක්ෂණය තිබුණ නිසා මේ ගැන මම ගොඩක් බලාගෙන හිටියා. ඒ පරීක්ෂණය සාර්ථක ඇති කියලා හිතෙනවා. පරීක්ෂණය කළ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. එංගලන්ත තරගාවලියේ සියලුම තරග සඳහා නෙමෙයි. අන්තිම තරග දෙකේ ක්‍රීඩා කරන්න ලැබුණොත් හොඳයි කියලා හිතනවා." යැයි සචිත්ර වැඩිදුරටත් පවසා සිටියේය.