සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ආරාධිත (SAf Invit XI) කණ්ඩායම අතර පොචෙෆ්ස්ටෘම්හි පැවැත්වෙන එකම පුහුණු තෙදින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමට පිළිතුරු සපයමින් සිටින දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම ඊයේ (19දා) දෙවැනි දිනයට තරගය නතර කරනවිට පන්දුවාර 67ක් අවසනදී කඩුලු 08ක් දැවී ලකුණු 285ක් රැස්කර ගෙන සිටියහ.
දකුණු අප්‍රිකානු ඉනිමේ අරටුව බවට පත්වූ ලියස් ඩු ප්ලූයි ලකුණු 142ක් රැස් කළේය. කෙසේ වෙතත් අනෙක් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබානොදුන්හ.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ජෝර්ජ් ලින්ඩේ ලකුණු 25ක්ද ඩුවාන් ඔලිවර් ලකුණු 04ක්ද රැස් කරගෙන සිටියහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නවක ක්‍රීඩක ළහිරු කුමාර කඩුලු 03ක් බිඳහෙළු අතර, දිල්රුවන් පෙරේරා හා නායක ඇනජලෝ මැතිව්ස් අතරේ කඩුලු දෙක බැගින් බිඳී ගියහ.
සෙන්වස් පාර්ක් ක්‍රීඩාංගණයේ තෙදින පුහුණු තරගයක් ලෙස පෙරේදා (18දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 98.3කදී සියල්ලන් දැවී ලකුණු 373ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබාදුන් දිමුත් කරුණාරත්න (71) හා කෞෂාල් සිල්වා (80) පළමු කඩුල්ලට ලකුණු 159ක සබඳතාවක් ගොඩනැගූහ.
ඔවුන් දෙදෙනාම තරගයේ 44 වැනි පන්දුවාරයේදී පිටියෙන් ඉවත්ව යෑමට (retired out) කටයුතු කළ අතර, ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා (62) හා කුසල් මෙන්ඩිස් (51) අර්ධ ශතක රැස්කරමින් ඉනිම පෝෂණය කළහ. දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඩවුනේ ඔලිවර් ලකුණු 54කට කඩුලු 04ක් දවාළීමට සමත්විය. ඔහුට අමතරව ජෝර්ජ් ලින්ඩේ කඩුලු 03ක් බිඳළීමට සමත්විය.
අද (20දා) තරගයේ අවසන් දිනයයි.