නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් රෝයල් ටර්ෆ් ක්‍රීඩා සමාජය සංවිධානය කරන තුරග තරග මාලාවේ අවසන් තරය හෙට (30දා) නුවර එළිය තුරග තරග පිටියේදී පැවැත්වෙයි.
රෝයල් ටර්ෆ් සමාජය මගින් මාර්තු 20, අප්‍රේල් 10, 16 හා 23 දිනවල තරගාවලිය හතරක් සාර්ථකව පවත්වා ඇති අතර අශ්ව හිමියන් 28 දෙනෙකුට අයත් අසුන් එම තරගටවල තරග වදිද්දී 50000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සජීවීවද, මිලියන 4කට අධික පිරිසක් රූපවාහිනියෙන්ද තරග නරඹා තිබුණි.
තරගාවලියේ මේ දක්වා මුදල් ත්‍යාග ලෙස රුපියල් ලක්ෂ 90ක් පිරිනමා තිබේ. තරගාවලිය සඳහා ඩුබායි, කටාර්, එංගලන්තය හා ජපානයේ සිට ශ්‍රී ලංකා අසුන් මෙහෙයවන්නන් 13කු පැමිණ ඇති බවත් ඊට අමතරව ඉනදීය ජාතික අසුන් මෙහෙයවන්නෙකුද තරගාවලියට එක්ව සිටිති.
සුරංජිත් ප්‍රේමදාසගේ සභාපතිත්වයෙන් යුතුව රෝයල් ටර්ෆ් ක්‍රීඩා සමාජය පිහිටුවා කෙටි කාලයකින්ම ජාත්‍යන්තර නිතිරීතිවලට අනුව පැවැත්වූ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය මගින් අසුන්නේ තහනම් උත්තේජක පරික්ෂාවද සිදුකරනු ලැබීය.
හෙට පැවැත්වෙන තරගයට ඉන්දියාවේ ඌෂා අශ්ව ගොවිපොළ අනුග්‍රහය දක්වන අතර ජුලි අවසන් වන විට විදේශීය අසුන් 60ක් ආනනය කොට තවත් අශ්ව හිමිය් 20ක් බිහිකොට තරගාවලිය පුළුල් කිරමටද තරග සංවිධායකයෝ සූදානමින් සිටිති. හෙට තරගයෙන් පසුව නැවතත් තරග ආරම්භවන්නේ අගෝස්තු මාසයේදීයි.
තරගාවලිය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම දරයි.