නිමා වූ 19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ප්රථමවරට හඳුන්වා දුන් තරගාවලියේ නිසාන් ක්රීඩා සම්මානය (Nissan Play of the Tournament) සම්මානය හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙනඩිස් සමත්විය. ඒ ඔහු වමතින් හා දකුණතින් පන්දු යවමින් තරගාවලියේදී කාගේත් අවධානය දිනාගැනීමට සමත්වූ හෙයිනි. කමිදු මෙන්ඩිස් වමතින් දඟ පන්දු යවන අතරම දකුණත් පිටදඟ පන්දු යැවීමටත් සමත් ක්රීඩකයෙකි.
මෙහිදී ඔහුගේ අත් හැසිරවීමේ කිසිදු වෙනසක් නොවීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ. වමතින් පිත්ත හසුරවන කමිඳු තරගාවලියේ තරග හයකට ක්රීඩා කර ලකුණු 153ක් රැස්කිරීමටත් සමත්විය. ඔහු තරග හයේදී කඩලු පහක් බිඳහෙළීමටත් සමත්විය.
ගාල්ල රිච්මන්ඩ් විදුහල නියෝජනය කරන කමිඳු, තවමත් 17 වැනි වියේ පසුවෙයි. නිසාන් ක්රීඩා සම්මානය සඳහා සිව්දෙනෙකුගේ නම් යෝජනා වී තිබුණු අතර කමිඳු මෙන්ඩිස්, තිලාන් නිමේෂ් (ශ්රී ලංකාව), ඇනෙයුරින් ඩොනල්ඩ් (එංගලන්තය) හා ගිඩ්රොන් පෝප් (කොදෙව්) යන ක්රීඩකයෝ ඒ සඳහා නිර්දේශ වී තිබුණි. ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකාවට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.