137වැනි නිල් මහ සටනේ ජය තමන් සතු කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. ඒ ශාන්ත තෝමස් කණ්ඩායම කඩුලු හතරකින් පරාජය කරමිනි. පසුගිය 10 දා ආරම්භ වූ මෙම තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදි පැවැත්විණි.
ලොව විද්යාල දෙකක් අතර පැවැත්වෙන දෙවැනි පැරණිතම ක්රිකට් තරගය ලෙසින් නිල් මහ සටන හැදින්වෙන අතර රාජකීයයන් මෙවර කිරුළ හිමිකර ගත්තේ 35වැන වරටයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් රජකීය විදුහලේ අැරයුමෙන් මුලින්ම පන්දුවට පහර දුන් තෝමස් විදුහල් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 350ක් රැස්කළ ඉනිම අත්හිටවූ අතර එයට පිළිතුරු ලෙස රාජකීය විදුහලද ලකුණු 328ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
නැවතත් දිය දෙවැනි ඉනිම ක්රීඩා කළ තෝමස් විදුහල ලකුණු 127කට සීමා කිරීමට රාජකීයයෝ සමත්වූ අතර අද දිනයේදී ඔවුහු ලකුණු 149ක ඉලක්කය කඩුලු හයක් පමණක් වැය කර පසුකර ගියහ.