නාවිකයන්ගෙන් පොලිසියට දරුණු ප්රහාරයක්
පළමු අදියරේදී පොලිස් කණ්ඩායමෙන් ලැබුනු අභියෝගය මෙවර මග හරිමින් ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් පොලිස් පරදා ලකුනු 45-26 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
කොළඹ පොලිස් ක්ෂේත්ර බලකා පිටියේදී ඊයේ (13) පැවති තරගයේ ආරම්භයේදී කණ්ඩායම් දෙකෙන්ම තියුණු ක්රීඩා විලාශයක් දක්නට ලැබුනි. ඒ අනුව නාවික හමුදාව ලකුනු 17-12 ක් ලෙස පෙරමුණ ගනිමින් එම අර්ධය නිමා කලේය.
කෙසේ වෙතත් ලකුනු මැෂිමක් ක්රියාත්මක වූ දෙවැනි අර්ධයේදී නාවික හමුදාව වැඩි වාසි අත්කර ගැනිමට සමත් වූ අතර තවත් ලකුළු 28 ක් සිය ලකුණු පුවරුවට ඔවුන් එක් කර ගනිද්දී පොලිස් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 14 ක් පමණී.
ජයග්රාහී පොලිස් ක්රීඩකයෝ ගෝල දිනුම් 5 ක් හා උත්සාහක දිනුම් 2 ක් ආධාර කර ගනිමින් ලකුනු රැස් කළ අතර පොලිස් කන්ඩායම ගෝල දිනුම් 3 ක් හා එක් උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුනු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.














