එංගලන්තය හමුවේ පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (02දා) එංගලන්තයේ ප්‍රකාශ කළේ තමාට නායකත්වයෙන් පැන යාමෙ අවශ්‍යතාවක් නැති බවත් කණ්ඩායම වර්තමානයේ මුහුණ දී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට අවශ්‍ය බවත්ය.
එංගලන්තය හා පැවැති ටෙස්ට් තරගාවලියද ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස පරාජයට පත්විය. තවත් ඉතිරිව ඇත්තේ විස්සයි 20 තරගාවලිය පමණකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් නායකයා වූ මැතිව්ස් මේ වන විට විස්සයි20 කණ්ඩායමේද නායකයා ලෙස කටයුතු කරයි.
මෙම තරගාවලිය පරාජයට පත්වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේදී එංගලන්තයේ කළ තරග සංචාරයේදී ටෙස්ට් හා එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ මැතිව්ස් විසිනි.
"හොඳ වගේම නරක වෙලාවලුත් තිබෙනවා. නායකයෙක් ලෙස මේ කාලය මට වගේහ හැම කෙනෙකුටම මෙය ආරු කාලයක්. නමුත් ඔබට මෙයින් පැන යා නොහැකියි. ඔබට මේ ගැටලු සමග ගනුදෙනු කරන්න වෙනවා. මට සහාය දක්වන හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. මම විශ්වාස කරනවා අපි දවසින් දවස දියුණු වුණොත් මේ වලෙන් අපිට ගොට යන්න පුළුවන් කියලා."