නවසීලන්තයේ එක්දින ඇරඹුමත් සාර්ථකයි
පසුපෙළ පිතිකරුවන් හා එක්ව හෙන්රි නිකලස් ගොඩනැගූ සාර්ථක ලකුණු 82 ක ඉනිම හේතුවෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර අද (25දා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 70 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකිවිය.
පාකිස්තානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 280 ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 46 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 210 ක් පමණි. මෙම තරගාවලියට පෙර පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයගැනීමටද සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.
නවසීලන්තය 280/8 (පන්දුවාර 50)
හෙන්රි නිකලස් 82 (111, 4x7, 6x1), මිචෙල් සැන්ට්නර් 48 (63, 4x5), මැට් හෙන්රි නොදැවී 48 (30, 4x4, 6x4), මිචෙල් මැක්ලෙනහැන 31 (18, 4x3, 6x2), මොහොමඩ් අමීර් 3/28 (8.1), අන්වර් අලි 3/66 (9.5), මොහොමඩ් ඉර්ෆාන් 2/43 (10)
පාකිස්තානය 210/10 (පන්දුවාර 46)
බාබර් අසාම් 62 (76, 4x6), මොහොමඩ් හෆීස් 42 (56, 4x1, 6x1), සෆ්රාස් අහමඩ් 30 (29, 4x3), අසාර් අලි 19 (35, 4x1, 6x1), ට්‍රෙන්ට් බෝල්ට් 4/40 (9), ග්‍රාන්ට් එළියට් 3/43 (10), කොරී ඇන්ඩර්සන් 1/35 (9)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

