නවසීලන්ත කණ්ඩායම පරාජය කර චොක්ස් බසාර්හි අද (09දා) 09 වැනි ස්ථානය සඳහා පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 08 ක පහසු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සිදුවිය. ඒ අනුව 09 වැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගයට ඇෆ්ගනිස්තානය සුදුසුකම් ලබාගත් අතර, නවසීලන්තයට 10 වැනි ස්ථානය සඳහා තරග කිරීමට සිදුවිය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 44.5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි. ඉනිමේ ඉහළම ඉනිම ගොඩනැගූ අනිකෙට් පෙරිකාහ් ලකුණු 48 ක් රැස්කළේය. සම්සුර්රෙහමාන් හා රශිද් ඛාන් කඩුලු 03 බැගින් දාවාලමින් ඇෆ්ගිනිස්තානය වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.
ලකුණු 136 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ තරගයේ 27.3 වැනි පන්දුවාරයේදී කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 137 ක් රැස්කර ජයග්රහණය සම්පූර්ණ කරගත්හ. ඉනිම ජයග්රහණය කරා රැගෙනගිය තාරික් ස්ටැන්ක්සායි නොදැවී ලකුණු 50 ක් රැස්කළ අතර, ආරමභක පිතිකරු ඉශානුල්ලාහ් ලකුණු 47කින් දායක විය. අනිකෙට් පෙරිකාහ් කඩුලු 02 ක් දවාලමින් නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.
තරගයේ වීරයා ලෙස තාරික් ස්ටැනික්සායි සම්මාන දිනාගත්තේය.
ක්රික්ඉන්ෆෝ ලකුණු පුවරුව