එංගලන්ත කණ්ඩායම පරාජය කර නවසීලන්තයේ වෙලිංටන්හිදී අද (20දා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ 09 වැනි තරගයෙන් කඩුලු අටක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 33.2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 123 ක් පමණි. එයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම තරගයේ 12.2 වැනි පන්දුවාරයේදී කඩුලු දෙකක් පමණක් වැයකරමින් එම ඉලක්කය පසුකරයාමට සමත්විය. නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 25 කදී වේගවත් ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය. එහිදී ඔහු ලකුණු 50 සීමාව පන්දු 18කදී පසුකර යාම කැපී පෙනුණි.