සංචාරක ශ්රී ලංකා කණ්ඩායමට හා පැවැති හයවැනි එක්දින තරගයෙන්ද ලකුණු 120ක ජයක් හිමිකර ගනිමින් දෙරට අතර පවැති එක්දින තරගාවලිය 4-1ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ තරගාවලිය නිමාවීම සඳහා තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීය.
හයවැනි තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ට ලකුණු 315ක් රැස්කිරීමට සමත්විය.
එයට පිළිතුරු ලෙස පන්දුවාර 40.3කදී සියලු දෙනා දැවී ශ්රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 195ක් පමණි.
තරගයේ වීරයා ලෙස කේන් විලියම්සන් සම්මාන ලැබීය.