ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම වීමේ අවස්ථාව හිමි කරගැනීමට නවසීලන්තය සමත් විය. ඒ තරගාවලියේ තමන් සහභාගි වූ තෙවැනි තරගයෙන් පාකිස්තානයට එරෙහිව ලකුණු 22 ක ජයක් හිමි කරගනිමිනි. තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ (Group 2) තරගයක් ලෙස මෙම තරගය ඊයේ (22දා) රාත්රියේ මොහාලිහිදී පැවැත්විණි.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 181 ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 158 ක් පමණි. ආරම්භක පිතිකරු ෂාජිල් ඛාන් පන්දු 25කදී ලකුණු 47 ක් ලබාගනිමින් ප්රවේගවත් ආරම්භයක් කණ්ඩායමට ලබාදුන්නද, ෂයිඩ් අෆ්රිඩි හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙකුට එය ඉදිරියට රැගෙන යාමට නොහැකි විය. පන්දු යැවීමෙන් නවසීලන්තය වෙනුවෙන් මිචෙල් සැන්ට්නර් හා ඇඩම් මිලන් කඩුලු 02 බැගින් බිඳ හෙළීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 180 ක් රැස් කළේය. සිය සුපුරුදු ප්රවේගකාරී පිතිහරඹයකින් පිටිය වර්ණවත් කළ මාටින් ගප්ටිල් පන්දු 48කදී ලකුණු 80 ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ දැවී යාමත් සමගින් පිටියට පැමිණි රොස් ටේලර් ලකුණු 36 ක් රැස් කරමින් ඉනිම ඉදිරියට රැගෙන ආවේය. පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමෙන් මොහොමඩ් සාමි හා ෂයිඩ් අෆ්රිඩි කඩුලු 02 බැගින් බිඳහෙළූහ.
තරගයේ වීරයා ලෙස නවසීලන්තය වෙනුවෙන් පිත්තෙන් දස්කම් පෑ මාටින් ගප්ටිල් සම්මාන දිනාගත්තේය.නවසීලන්ත කණ්ඩායම, පකිස්තානයට එරෙහිව අන්තර්ජාතික විස්සයි20 තරග බිමේ ලබාගත් 07 වැනි ජයග්රහණය මෙය වන අතර, දෙරට අතර මේ දක්වා පවත්වා ඇති තරග 15 න් තරග 08 ක ජය පාකිස්තානය සතු වී ඇත.
නවසීලන්තය 180/5 (පන්දුවාර 20)
මාටින් ගප්ටිල් 80 (48, 4x10, 6x3), රොස් ටේලර් 36 (23, 4x2, 6x1), කේන් විලියම්සන් 17 (21, 4x1), මොහොමඩ් සාමි 1/23 (4), ෂහිඩ් අෆ්රිඩි 2/40 (4)
පාකිස්තානය 158/5 (පන්දුවාර 20)
ෂාජීල් ඛාන් 47 (25, 4x9, 6x1), අහමඩ් ෂේසාඩ් 30 (32, 4x3), උමාර් අක්මාල් 24 (26), ඇඩම් මිලන් 2/26 (4), මිචෙල් සැන්ට්නර් 2/29 (4)