ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් 2015 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට වර්තමාන රග්බි ලෝක ශූරයන් වන ප්‍රභල නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.
ඒ දකුණු අප්‍රිකාව ලකුණ 20-18ක් ලෙස පරාජය කරමින්. තරගයේ පළමු අර්ධය ලකුණු 12- 7ක් ලෙස ඉදිරියෙන් සිටියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී සිය සුපුරුදු තරගකාරීත්වයට පැමිණි නවසීලන්තය ලකුණු 13ක් රැස්කරද්දී දකුණු අප්රකාවට රැස්කළ හැකි වූයේ ලකුණු 6ක් පමණි.
තරගාවලියේ අනෙක් අවසන් පූර්ව තරගය ආජන්ටිනාව හා ඔස්ට්‍රේලියාව අතර අද (25දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට පැවැත්වීමට නියමිත අතර එයින් ජයගන්නා කණ්ඩායම හා නවසීලන්තය ලෝක කුසලානයේ අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ඇත.