2017 වසරේදී තමා විස්සයි20 පිටියේදී දක්ෂතා අතර සිටියදී නව තේරීම් කමිටුව තමන්ට අවස්ථාවක් නොදීම ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ බව ලසිත් මාලිංග පවසයි.
ඉන්දියාවේ සිට ඔහු මේ බව සඳහන් කරන අතර, එළඹෙන දකුණු අප්රිකානු තරගාවලියේදී එක්දින තරග සඳහා ක්රීඩා කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.
“2017දී ශ්රී ලංකා ජාතික කණ්ඩායමෙන් මාව ඉවත්කරන විට අලුතෙන් පැමිණි තේරීම් කමිටුව මට කිසිදු තරගයක් ලබාදුන්නෙ නෑ. 2017 වසරේදී මම ලෝකයේ විස්සයි20 පිටියේ වැඩිම කඩුලු ලබාගත් අය අතර තුන්වැනි ස්ථානයේ සිටියා. ඒ වගේම ලංකාවේ ක්රීඩකයන් අතර පළමු ස්ථානයේ සිටියා. එහෙම ඉදිද්දී තමයි අලුතෙන් පැමිණි තේරීම් කමිටුව මට එකදු අවස්ථාවක් ලබා නොදී විස්සයි20 පිටියෙන් මාව ඉවත් කළේ.
මම මේ ගැන තේරීම් කමිටුවෙන් අහන විට ඒ අය කිව්වේ 2019ට අලුතෙන් ක්රීඩකයන් බලන නිසා පොඩි තරගාවලි වලදී අලුත් ක්රීඩකයන් බලනවා මාව විවේක ගන්වන්න කියලයි.
මම ඒ අයට තරයේ කිව්වා මට කණ්ඩායමෙන් ඉවත් වෙන්න හේතුවක් නෑ කඩුලු අතර ඉන්න නිසා කියලා. පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මම පන්දු යවන්නන්ගේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන්න බඳවා ගත්තා. එය මම සතුටින් බාර ගත්තා. එය මැයි 25 දා 26 දා ඉවර වෙනවා.
එළඹෙන දකුණු අප්රිකානු තරගාවලියේ එක්දින තරග පටන් ගන්නකොට මට අවස්ථාවක් තියෙනවා අයි.පී.එල්. තරග ඉවර වුණාට පස්සේ ලංකාවට ඇවිත් පුහුණුවීම් කරලා තියෙන පුහුණු තරග ක්රීඩා කරලා නැවතත් ජාතික කණ්ඩායමට මාව තෝරාගන්න කැමැත්තක් තිබෙනවා නම්, ශාරීරික යෝග්යතාවත් දක්ෂතාවත් තිබෙනවා නම් ජාතික කණ්ඩායමට තෝරා ගන්න අවස්ථාවක් තිබෙනවා.”