(VIDEO) ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරගයක ප්‍රතිඵලයක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.උත්තර ප්‍රදේශ මහ ඇමතිගේ කණ්ඩායම හා ලක්නව් හි අයි.ඒ.එස්. නිලධාරීන්ගේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වුණා.
තරගයෙන් උත්තර ප්‍රෙද්ශ මහ ඇමති ඒ. යාදව්ගේ කණ්ඩායම ජයගත් අතර තරගයේ වීරයා ලෙසත් ඔහු සම්මාන හිමිකර ගත්තා. අඛණ්ඩව අවස්ථා හතරකදී මහ ඇමතිවරයා මෙම තරගාවලියේ වීරයා බවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පන්දු යවන්නන් මහ ඇමතිට පහසුවෙන්ම පහරදිය හැකි පන්දු යොමුකළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එසේම ලකුණු 65ක් ලබාගෙන සිටියදී මහ ඇමති දැවී ගිය අතර ඔහු දවාගත් පන්දු යවන්නා ඉහ අත බදාගෙන සිටි අයුරු මේ වන විට සමාජ මාධ්‍ය ඇසුරෙන් වේගයෙන් ව්‍යාප්ත වෙනවා.
සමස්ත කථාව පිළිබඳව අවධානය යොමු කළ විට කී හැකි එක් දෙයක් වන්නේ දේශපාලනයට ක්‍රීඩාව යට වූ එක් අවස්ථාවක් ලෙස මෙය හඳුනා ගත හැකි බවයි.
වීඩියෝ උපුටා ගැනීම - එන්.ඩී.ටී.වී.
VIDEO