ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අවසන් අදියරට පැමිණවිට තමන්ට දේශපාලන බලපෑම් පැමිණි බවත්, ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එසේම තමන්ට කළ බලපෑම් ගැන කතාකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (03දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මීට ඉහතදී නිලවරණ පැවැත්වීමේදී ජනපති ආරක්ෂක අංශ පැමිණීමේ සිදුවීම් පවා තිබුණත් මේ නිලවරණයෙන් පසුව එය අවසන් කළ බවද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා, "ඉතාම සාධාරණ ලෙස බොහොම පැහැදිලිව කිසිම පාර්ශ්වයකට අගතියක් සිදු නොවන ලෙස මේ නිලවරණයට පවත්වන්න හැකිවුණා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණෙ දීර්ඝ වෙච්ච අතුරු කමිටු. නායකත්වයක් දෙන්න විදියක් නෑ. සැලසුම්කරන්න විදියක් නෑ. සැලසුම් කරන ඒවා කොච්චර කල් තියේවිද කියලා විශ්වාස කරන්න බෑ. අතුරු කමිටු තියෙනවානම් ක්‍රීඩාව දියුණු වෙන්නෙ නෑ. 1996 ලෝක කුසලානය දිනුවේ ක්‍රිකට් පාලක මණ්ඩලයක් තියෙද්දී. දැන් ස්ථාවර ශක්තිමත් කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා.
ප්රජාතන්තවාදී ලෙස මේ මැතිවරණය තියන්න පුළුවන් වීම ගැන මම සතුටුවෙනවා. ඉතිහාසයේ ක්‍රිකට් නිලවරණ තියෙද්දී ජනපති ආරක්ෂක අංශයෙන් ඇවිල්ලා, විශාල රණ්ඩු තිබිලා තමයි නිලවරණය පැවැත්වුණේ. ඒ දේ අද අවසන් වෙනවා. ඊට පස්සෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට අතුරු කමිටු පත්වෙන්නෙ නෑ. සියලුම ක්‍රීඩාවල අතුරු කමිටු අහෝසි කරලා ඡන්දය තියන්න බලාපොරොත්තු වෙනවා.
මම ඒ අයට කියන්නෙ තමන්ට ලැබුණ බලය, විනිවිද භාවයෙන් පෙනෙන ලෙස කාටවත් අසාධාරණයක් නොවෙන ලෙස ක්‍රියාත්මක කරන්න. ලෝකයේ අපි හඳුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන වැදගත් රටක් ලෙස. ඒ දියුණුවත්, වැදගත්කමත්, ඕනෑම රටකට එරෙහිව ක්‍රීඩා කරන්න පුළුවන් දක්ෂම කණ්ඩායමත් බිහිකරන ශක්තිමත් අඩිතාලමක් මේ හරහා ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
අන්තිම හරියේ මට දේශපාලන බලපෑම් තිබුණා. අතිගරු ජනාධිපතිතුමා කිසිම ආකාරයක බලපෑමක් කළේ නෑ කියලා මම කියනවා. ඒ සම්බන්ධව මට තියෙන්නේ ලොකු ගෞරවයක්. මීට ඉහත හිටපු ජනපතිවරු හා ඒ වැඩ කරපු අය ගැන අපිට ඉතිහාසයේ තියෙනවා අත්දැකීම්. අගමැතිතුමත් කාටවත් බලපෑම් කළේ නෑ. මට කරපු බලපෑම් ගැන මම කතාකරනවා." යැයි පවසා සිටියේය.
ඡායාරූපය ශමීර රාජපක්ෂ - ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නව ක්‍රිකට් නිලධාරී මණ්ඩලය සමග