(Update)
12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උලෙලේ තෙවැනි දිනය වූ අද දිනයේ ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම දිනාගැනීමට පාපැදි පිරිමි ඉසව්ව නියෝජනය කළ ජීවන් ජයසිංහ සමත්ව ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාව රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 11 ක් හා ලෝකඩ පදක්කම් 09 ක් දිනා පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.
අද (07දා )මධ්‍යහන 12.45 වනවිට පදක්කම් සටහන
දෙවැනි දිනයේදි දෙවැනි තැන
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය නිමා වන විට රන් පදක්කම් හතරක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියි.
රන් පදක්කම් 14ක හිමිකරගෙන ඇති ඉන්දියාව එහි ප්රථමස්ථානයේ පසුවෙයි.
ශී‍්‍ර ලංකාව දිනා ගත් පදක්කම්
රන් පදක්කම් (04)
1.. මැතිව් අබේසිංහ - මිටර් 200 පිහිනුම් නිදහස් ආර (වි. 1.52.28/ දකුණු ආසියානු වාර්තාවකි)
2. මැතිව් අබේසිංහ - මීටර් 100 පිහිනුම් සමනල ආර (තත්. 55.42/ දකුණු ආසියානු වාර්තාවකි)
3. පිහිනුම් නිදහස් ආර මීටර් 100x4 (තත්. 3.30.11/ ශ්‍රී ලංකා කණ්ඩායම - චේරන්ත ද සිල්වා, කේල් අබේසිංහ, ශෙහාන්ද සිල්වා, මැතිව් අබේසිංහ)
4. සුදේෂ් පීරිස් - බර ඉසිලීම පිරිමි කි.ග්රෑ 62 බර පන්තිය (කි.ග්රෑ. 242)
රිදී පදක්කම් (10)
1.. මචිකෝ රහීම් - පිහිනුම් කාන්තා මී. 200 නිදහස් ආර (වි. 2.09.02)
2. කිරාන් ජයසිංහ - පිහිනුම් පිරිමි මීටර 200 ළයආර (වි. 2.26.17)
3. හසන්ති නුගවෙල - (පිහිනුම් මීටර 200 ළයආර (වි. 2.49.17)
4. හිරුණි පෙරේරා (පිහිනුම් කාන්තා / මීටර් 100 සමනල ආර)
5. ශ්‍රී ලංකා කණ්ඩායම (පිහිනුම් කාන්තා / මීටර් 100x4 නිදහස් ආර)
6. හංසනී ගෝමස් - බර ඉසිලීම කාන්තා කි.ග්රෑ 48 බර පන්තිය (කි.ග්රෑ. 145
7. චමරි වර්ණකුලසූරිය - බර ඉසිලීම කාන්තා කි.ග්රෑ. 53 බර පන්තිය (කි.ග්රෑ. 150)
8. චතුරංග ලක්මාල් - බර ඉසිලීම පිරිමි කි.ග්රෑ 56 බර පන්තිය (කි.ග්රෑ. 239)
9. මල්ලවපොර (කාන්තා / කි.ග්රෑ. 48 බර පන්තිය)
10. මල්ලවපොර (කාන්තා /කි.ග්රෑ. 53 බර පන්තිය)
ලෝකඩ පදක්කම් (07)
1.. ජානක හේමන්ත කුමාර (පාපැදි පිරිමි)
2. ඉෂානි සේනානායක - පිහිනුම් කාන්තා මීටර් 200 නිදහස් ආර (වි. 2.11.63)
3. චිරන්ත ද සිල්වා - පිහිනුම් පිරිමි මීටර් 100 සමනල ආර (තත්. 56.00)
4. මචිකෝ රහීම් (පිහිනුම් කාන්තා/මීටර් 100 සමනල ආර)
5. මල්ලවපොර (පිරිමි/ කි.ග්රෑ 57 බර පන්තිය)
6. මල්ලවපොර (පිරිමි/ කි.ග්රෑ. 65 බර පන්තිය)
7. මල්ලපපොර (කාන්තා/ කි.ග්රෑ. 60 බර පන්තිය)