සංචාරක එංගලන්තය ලකුණු 178 කින් පරාජයට පත් කරමින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ඉදිරියට පැමිණීමට පාකිස්තානය සමත්විය. ඒ දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීය.
ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26දා) අවසන් වූ මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 490 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණ 312 ක් පමණි. එංගලන්තය වෙනුවෙන් සාර්ථක වූ ජෝ රූට් ලකුණු 71 ක් රැස් කළ අතර, තරගය අවසන් මොහොත දක්වා රැගෙන යාමට සහාය වූ ආදිල් රෂීඩ් ලකුණු 61 ක්ද රැස් කළේය. පන්දු යැවීමෙන් තරගය පුරාවට දස්කම් දැක්වූ යසීර් ෂා කඩුලු 4 ක් දවාළීමට සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තානය තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 372 ක් රැස් කළේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මිස්බා උල් හක් ශතකයක් (ලකුණු 102) ක් රැස් කරමින් දස්කම් දැක්වීය. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් මොයින් අලි හා මාක් වුඩ් කඩුලු 3 බැගින් බිඳහෙළූහ.
කෙසේ වෙතත් පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 242 කට සීමාකිරීමට පාකිස්තාන පන්දු යවන්නනෝ සමත් වූහ. එංගලන්තය යම් ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට වෙර දැරූ ජෝ රූට් ලකුණු 88 ක් හා නායක ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 65 ක් ද බැගින් රැස්කළහ. පාකිස්තානය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ යසීර් ෂා හා වහාබ් රියාස් කඩුලු 4 බැගින් බිඳහෙළූහ.
ඒ අනුව ලකුණු 136 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තානුවන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 354 ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීය. තරගයේ හොඳම ඉනිම ක්‍රීඩා කළ යුනිස් ඛාන් ලකුණු 118 ක් රැස් කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් ජේම්ස් ඇන්ඩර්සන් හා මාක් වුඩ් කඩුලු 2 බැගින් බිඳහෙළූහ. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ තරගය පුරා දක්ෂ පන්දු යැවීමක නිරත වූ පාකිස්තානයේ වහාබ් රියාස්ටය. තරගාවලියේ තෙවැනි හා අවසන් එක්දින තරගය එළඹෙන නොවැම්බර් පළමු වැනිදා සාජාහීදී පැවැත්වේ.
පාකිස්තානු පළමු ඉනිම 378/ 10 (පන්දුවාර 118.5)
මිස්බා උල් හක් 102 (පන්දු 197, 4x8,6x5)
අසාඩ් ෂෆීක් 83 (පන්දු 197, 4x8,6x5)
යුනිස් ඛාන් 56 (පන්දු 115, 4x4,6x5)
මාක් වුඩ් 3/39 (පන්දුවාර 7)
මොයින් අලි 3/108 (පන්දුවාර 25)
එංගලන්ත පළමු ඉනිම 242/ 10 (පන්දුවාර 75.2)
ජෝ රූට් 88 (පන්දු 141, 4x12)
ඇලෙස්ටෙයාර් කුක් 65 (පන්දු 117, 4x10 )
ජොනී බෙයාර්ස්ටෝ 46 (පන්දු 104, 4x5,6x1)
වහාබ් රියාස් 4/66 (පන්දුවාර 19)
යසීර් ෂා 4/93 (පන්දුවාර 29)
පාකිස්තානු දෙවැනි ඉනිම 312/ 10 (පන්දුවාර 137.3)
යුනිස් ඛාන් 118 (පන්දු 211, 4x13 )
මිස්බා උල් හක් 87 (පන්දු 147, 4x8 )
අසාඩ් ෂෆීක් 79 (පන්දු 112, 4x8 )
ජේම්ස් ඇන්ඩර්සන් 2/22 (පන්දුවාර 22)
මාක් වුඩ් 2/44 (පන්දුවාර 14)
එංගලන්ත දෙවැනි ඉනිම 312 /10 (පන්දුවාර 137. 3)
ජෝ රූට් 71 (පන්දු 171, 4x6)
ආදිල් රෂීඩ් 61 (පන්දු 172, 4x7 )
ඉයන් බෙල් 46 (පන්දු 122, 4x4)
යසීර් ෂා 4/87 (පන්දුවාර 41.3)
සුල්ෆිකර් බාබර් 3/53 (පන්දුවාර 47)
මෙම තරගයේ විශේෂතා
-
පාකිස්තානය ලකුණු 178 කින් ජය හිමි කර ගත් අතර, මෙය පාකිස්තානය එංගලන්තයට එරෙහිව ලැබූ ඉහළම ජයග්‍රහණය වේ.
-
මෙම තරගයේ හතර වැනි ඉනිමේදී එංගලන්ත අවසන් පිතිකරුවන් සිව්දෙනා දෙනා පන්දු 322 කට මුහුණ දුන් අතර, එය ටෙස්ට් තරගයක හතරවැනි ඉනිමේදී අවසන් පිතිකරුවන් සිව්දෙනා මුහුණ දුන් වැඩිම පන්දු සංඛ්‍යාව විය.
-
පාකිස්තානු දෙවැනි ඉනිමේ 09 වැනි කඩුල්ල වෙනුවෙන් මාක් වුඩ් හා ආදිල් රෂීඩ් පන්දු 176 කට මුහුණ දුන් අතර, එය ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ 09 වැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු මුහුණ දුන් වැඩිම පන්දු සංඛ්‍යාව විය.
-
රෂීඩ් මෙම තරගයේ සිව්වැනි ඉනිමේදී පන්දු 172 කට මුහුණ දුන් අතර, එය එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ 08 වැන්නෙකු ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේදී මුහුණු දුන් දෙවැනි වැඩිම පන්දු සංඛ්‍යාව විය. මැට් ප්රයර් (පන්දු 182- 2009 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව) මෙහි පෙරමුණ ගෙන සිටියි.
-
එංගලන්තයේ ජෝ රූට් මෙම තරගයේදී සිය ටෙස්ට් ලකුණු 3000 සම්පූර්ණ කිරීමට සමත් වූ අතර, එය එංගලන්ත පිතිකරුවෙකු 1970 වර්ෂයෙන් පසුව අවම තරග සංඛාවකදී (63) එම සීමාව පසු කළ අවස්ථාව විය.
-
මෙම තරගයේදී දැක්වූ දක්ෂතා සමගින් පාකිස්තානයේ යසීර් ෂා, මෙම වසරේදී ටෙස්ට් තරග 6 කට සහභාගී වෙමින් දවාළු කඩුලු සංඛ්‍යාව 42 ක් වන අතර, එය දෙවැනි වන්නේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ට (කඩුලු 46) පමණි. කෙසේ වෙතත් බ්‍රෝඩ් එම සීමාවට ළඟාවීම සඳහා මෙම වර්ෂයේදී තරග 12 කට සහභාගී වී ඇත.
-
මෙම ජයග්‍රහණය පාකිස්තානයේ 125 වැනි ටෙස්ට් ජයග්‍රහණය වූ අතර, ඔවුන් මේ අනුව වැඩිම ටෙස්ට් ජයග්‍රහණ හිමිකරගත් රටවල් අතර ඉන්දියාව අබිබවා 05 වැනි ස්ථානය හිමි කරගැනීමට සමත්විය. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බ.ඉ.කොදෙව් හා දකුණු අප්‍රිකාව මෙහි පෙරමුණේ රැඳී සිටින රටවල් වේ.