ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හා සංචාරක පාකිස්තාන 'ඒ' කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (16දා) අවසන් වූ දෙවැනි නිල නොවන සිවුදින ක්‍රිකට් තරගයද විසඳුමකින් තොරව අවසන් විය.
පසුගිය බදාදා (13දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 327 ක් රැස්කිරීට සමත්විය. කිත්රුවන් විතානගේ (96) හා ධනංජය සිල්වා (96) ශතක ආසන්නයේදී දැවීගියහ.
ඉන් අනතුරුව පාකිස්තාන කණ්ඩායම තම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 333 ක් රැස්කිරීමට සමත්විය. උස්මාන් සලහුදීන් (86) හා ෆවාඩ් අලාම් (64) අර්ධ ශතක රැස්කරමින් ඉනිම ඔසවා තැබූහ.
ඒ අනුව නැවතත් තම දෙවැනි ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භ කළ අතර, ඔවුන් දිනය නිමාවනවිට කඩුලු 03 ක් දැවී ලකුණු 206 ක් රැස්කරගෙන සිටියහ.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ තෙවැනි හා අවසන් සිවුදින තරගය තරගය ලබන 20 වැනිදා දඹුල්ලේදී ආරම්භවේ. මෙම තරගාවලියේ පළමු තරගයද ජය පරාජයෙන් තොරව අවසන් විය.
ශ්‍රී ලංකා 'ඒ' පළමු ඉනිම 327/10 (පන්දුවාර 111)
කිත්රුවන් විතානගේ 96 (154), ධනංජය ද සිල්වා 96 (207), උදාර ජයසුන්දර 42 (119), අසේල ගුණරත්න 31 (65), කුසල් ජනිත් 23 (28), ඉමාඩ් වසිම් 4/44 (16), මිර් හම්සා 2/70 (26), සාෆර් ගොහර් 2/48 (16), සියා උල් හක් 1/79 (21)
පාකිස්තාන 'ඒ' පළමු ඉනිම 333/10 (පන්දුවාර 116.3)
උස්මාන් සලහුදීන් 86, ෆවාඩ් අලාම් 64 (89), අද්නන් අක්මල් 47 (100), ශේන් මසූඩ් 38 (115), ඉමාඩ් වසිම් 21 (71), තරිඳු කෞෂාල් 3/88 (32.3), ළහිරු ගමගේ 3/71 (24), දුෂ්මන්ත චමීර 2/55 (24), විශ්ව ප්‍රනාන්දු 1/40 (17), ධනංජය ද සිල්වා 1/48 (14)
ශ්‍රී ලංකා 'ඒ' දෙවැනි ඉනිම 206/3 (පන්දුවාර 61.5)
උදාර ජයසුන්දර 92 (151), මාධව වර්ණපුර 80 (159), අශාන් ප්‍රියන්ජන් නොදැවී 24 (55), ඉමාඩ් වසිම් 2/21 (8.5), සාෆර් ගොහර් 1/63 (21)