දෙවැනි ටෙස්ට් තරගයට තිරිමාන්න ගෙනෙයි
- 1 08 2017
- 11:16
- {{hitsCtrl.values.hits}} views
- . .
සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 03දා එස්.එස්.සී. පිටියේදී ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ ස්ථානයක් ලබාගැනිමට ළහිරු තිරිමාන්න සමත්ව තිබේ. ළහිරු තිරිමාන්න 2016 වසරේ ජුනි මාසයේදි අවසන්වරට ටෙස්ට් තරගයකට ක්රීඩා කර තිබේ. ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පුහුණු තරගයේදී තිරිමාන්න අර්ධ ශතකයක්ද වාර්තා කිරීමට සමත්විය.
ශ්රී ලංකා සංචිතය - දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න,කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ළහිරු කුමාර, විශ්ව ප්රනාන්දු, මලින්ද පුෂ්පකුමාර, නුවණ් ප්රදීප්, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න , ලක්ෂාන් සඳකැන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
