ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර වෙලිංටන්හිදී අද (29දා) ආරම්භ වූ හත්වැනි හා අවසන් එක්දින තරගයේදී ජාත්‍යන්තර එක්දින වරම් දිනාගැනීමට දුෂ්මන්ත චමීර සමත් විය.
දකුණත් මඳ වේගපන්දු යවන්නෙකු වන 23 හැවිරිදි චමීර මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකි.
මේ වනවිට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34 අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 185 ක් රැස්කරගෙන සිටියි. පන්දුවට පහරදෙමින් සිටින කුමාර් සංගක්කාර ලකුණු 60ක්ද, මහේල ජයවර්ධන ලකුණු 07ක්ද රැස්කරගෙන සිටියි. සංගක්කාර අද වාර්තා කළේ තම 94 වැනි එක්දින අර්ධ ශතකයයි.
ළහිරු තිරිමාන්න සමගින් තිලකරන්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 71 ක සබඳතාවක් ගොඩනැගූහ. ලකුණු 30 ක් රැස්කරගෙන සිටි තිරිමාන්න ලකුණු 30කට දැවී ගිය අතර, දෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 175 දී ඩිල්ෂාන් දැවී ගියේය. 42 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ඔහු දැවී යනවිට ලකුණු 81 ක් රැස්කරගෙන සිටියේය.