කණ්ඩායමේ දුර්වල දක්ෂතා හේතුවෙන් ආර්ජන්ටිනා පාපන්ද කණ්ඩායමේ පුහුණුකරු වූ එඩ්ගාර්ඩෝ බෝසා කලින්ම ඉවත් කීරීමට ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇත.
එළඹෙන 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනිම වෙනුවෙන් පැවති දකුනු ඇමරිකානු සුදුසුකම් ලබා ගැනීමේ පාපන්දු තරගාවලියේදී ආර්ජන්ටිනාව දුර්වල ක්රීඩා විලාශව බෝසා ගේ තනතුර අහිමි වීමට මූලික වශයෙන් බලපා ඇති අතර එම තරගාවලියේදි ආර්ජන්ටිනාවට ප්රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කිරීමට සිදු වූයේ තරගාවලියට කලින්ම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කර ගනිමිනි. මේ හේතුවෙන් ඔවුන්ට එළඹෙන තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමට තවත් තරග කිහිපයනට මුහුණ දීමට සිදු වනු ඇත.
පසුගිය වසරේ අගෝස්තු 11 වැනිදා සිය තනතුරෙහි වැඩ භාරගත් බෝසා මේ දක්වා කණ්ඩායම මෙහෙයවා ඇත්තේ තරග 8 කට පමණි. එහිදී ජයග්රහණ 3 ක් සමගින් ඔහුගේ ජයග්රහණ ප්රතිශතය සනිටුහන් වී ඇත්තේ 37.50% ලෙසිනි.