(UPDATE) ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 393ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු තුනකට ලකුණු 140ක් රැසකරගෙන තිබේ. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 253ක් පසුපසින් සිටියි.
ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු තිරිමාන්න පිටියේ රැදී සිටිති. සිය අවසන් ටෙස්ට් තරගයට ක්රීඩා කරමින් සිටින සංගාටද මෙහිදී දිගු ඉනිමක් ක්රීඩා කිරිමට නොහැකිවිය.
පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ප්රථම ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 393කට සීමා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. දිවා විවේකය සඳහා තරගය නිමා කරන විට ඉන්දිය කණ්ඩායම ලකුනු 386ක් රැස්කරගෙන සිටියේ කඩුලු 8කටය. නමුත් ඉනිමට තවත් ලකුණු 7ක් ඉඑක්වන විට ඉන්දීය ඉනිම අවසන් කිරීමට රංගන හේරත් සමත්විය.
සිය ප්රථම ඉනිම ක්රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම දෙවැනි දිනයේ දිවා විවේකය සඳහා තරගය නිමා කරන විට කඩුලු 8 දැවී ලකුණු 386 ක රැස්කරගෙන සිටියි
ඊයේ දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු හයට ලකුණු 319ක් රැස්කරගෙන සිටියේය. සිය අන්තය ආරක්ෂා කර ගනිමින් අගනා ඉනිමික් ක්රීඩාක කළ ඉන්දීය කඩුලු රකින ක්රීඩක රිද්දිමාන් සහා ලකුණු 56 ක් රැස්කරගෙ සිටියේය. ඔහු හා ඉෂාන්ත් ශර්මා පිටියේ රැදී සිටිති.
උමේෂ් යාදව් පන්දුවට පහරදීමට පැමිණිමට නියමිතය.
ඡායාරූප ශාන්ත රත්නායක