සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්රී ංකා කණ්ඩායම පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට කඩුලු 2ට ලකුණු 61ක් රැස්කරගෙන සිටියේය. ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න ලකුණු 30ටත් උපුල් තරංග ලකුණු 4ටත් දැවී ගියහ. උපුල් තරංග හා කුසල් මෙන්ඩිස් නොදැවී පිටියේ රැඳී සිටිති.