සංචාරක පාකිස්තානය කණ්ඩායම හා ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් පිටියෙට් පැවැත්වෙන තෙදින පුහුණු තරගයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 247කට සීමා කිරීම සභාපතිගේ කණ්ඩායම සමත්විය. අගනා පන්දු යැවීමක නිරතවූ දග පන්දු යවන ක්රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු පහක් දවාගත්තේය.
පළමු දිනයට ඊයේ තරගය නිමා කරන විට සභාපතිගේ කණ්ඩායම එක් කඩුල්ලකට ලකුනු ලකුණු 44ක් රැසකරගෙන සිටියේය. අද තරගයේ දෙවැනි දිනයයි.