දකුණු ආසියානු ක්රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිරිමි හා කාන්තා ඉසව් මැතිව් අබේසිංහ හා කිමිකො රහීම් ජයගනිමින් දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්රීඩිකයා හා ක්රීඩිකාව බවට පත්විය.
නව දකුණු ආසියානු තරග වාර්තාවක් සමගින් නිදහස් ආර මිටර් 100 කාන්තාව ඉසව්ව කිමිකෝ විසින් ජයගත්තාය.
මේ අතර මීටර් 200 පිරිමි මිශ්ර ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කමද දිනාගැනීමට මැතිව් අබේසිංහ සමත්වුණා. ඒත් සමගම ඔහු රන් පදක්කම් හතක් දිනාගැනිමට සමත්විය.