වසර දෙකකට පසු ජයතිලක ආර්යා අනුස්මරණ ශූරතා පළිහ තමන් සතු කරල ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමත් විය. ඒ මෙවර සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවති ශාන්ත ජෝශප් විදුහප සමගින් පැවති තරගයෙන් ලකුණු 31-03 ක පහසු ජයක් හිමි කර ගනිමිනි. කොළඹ සී.ආර්.ඇන්ඩ් එෆ්. සී. පිටියේදී අද (18) පැවති තරගයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 05-03 ක් ලෙසින් ශාන්ත ජෝශප් විදුහල ඉදිරියෙන් සිටිමිනි. ජයග්රාහී ශාන්ත තෝමස් විදුහල ගෝල දිනුම් දෙකක් උත්සාහක දිනුම් 3 ක් හා එක් දඩුවම් පහරක් ආධාරයෙන් සිය ලකුණු රැස් කළ අතර එක් දඩුවම් පහරක් ආධාරයෙන් සිය ලකුණු රැස් කළේය. ශාන්ත තෝමස් කණ්ඩායම අවසන් වරට මෙම ශූරතා පළිහ හිමි කර ගෙන ඇත්තේ 2013 වර්රෂයේදී ය.
ඡායාරූප - ඒෂාන් ප්රනාන්දු