ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ හිසට ඊයේ (10දා) පුහුණු වීම් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ආබාධයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ඒ අනුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ අතර මේ විට තත්ත්වය බර පතළ නොවන බව වෛද්‍යවරුන් සඳහන් කර ඇතැයි ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.