මෙවර ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලිය නියෝජනය කරනු ලබන එකම ශ්රී ලංකා ක්රීඩකයා වන තිසර පෙරේරාගේ රයිසින් පූනේ සුපර්ගෙයින්ට්ස් කණ්ඩාය ඊයේ පැවැති තරගයේදී දිල්ලි කණ්ඩායම පරදා ජය ලැබීමට සමත්විය.
දිල්ලි කණ්ඩායමෙන් එල්ල වූ ලකුණ 163ක ඉලක්කය කඩුලු තුනක් පමණක් වැයකර පසුකර යාමට දෝනි නායකත්වය දරන පූනේ කණ්ඩායම සමත්විය.
තිසර පන්දු පහකදී වේගවත් හයේ පහර දෙකක් සමගින් ලකුණු 14ක් රැස්කළේය. ඔහුට යොමු කිරීමට හැකිවූයේ එක් පන්දුවාරයක් පමණි.