තිසර පෙරේරා දින දහයක් බංකුවේ
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා මේ දක්වා එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත්තේ එක් තරගයක් පමණි. ඔහු සහභාගී වූ එම තරගය පසුගිය 18 වැනිදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්විණි.
එම තරගයේදී පන්දුවට පහරදීමෙන් තිසරට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 09 ක් පමණක් වූ අතර, පන්දු යැවීමෙන්ද බිඳ හෙළීමට හැකිවූයේ එක් කඩුල්ලක් (1/33) පමණි. ඉන් අනතුරුව පංජාබ් ක්‍රිකට් පාලනාධිකාරිය තිසරව මේ දක්වා කිසිදු තරගයකට සහභාගී කරවාගෙන නොමැත.
තිසර සමගින් ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් තිදෙනෙකුට පමණක් මෙවර අයි.පී.එල්. තරගාවලියේ දොරටු විවෘත වූහ. එහිදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරන මැතිව්ස් මෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන මාලිංගද තම කණ්ඩායම් නියෝජනය කරමින් සිය දක්ෂතා ඉදිරිපත් කරමින් සිටිති.
පෙරේදා (27දා) රාත්‍රිය අවසන් වනවිට තරගාවලියේ තරග 27 ක් අවසන්ව තිබූ අතර, එම තරග අතර ඩෙයාඩෙවිස්ල්, හයිද්‍රාබාද් හා පංජාබ් කණ්ඩායම් තරග 07 බැගින් ක්‍රීඩාකර තිබුණි. එහිදී ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි කණ්ඩායම වෙනුවෙන් තරග හයකට ක්‍රීඩාකර පන්දුවට පහරදීමෙන් ලකුණු 93 රැස්කිරීමට සමත්ව ඇති අතර, පන්දු යැවීමෙන්ද දක්ෂතා දක්වා සිටින ඔහු කඩුලු 05 ක් බිඳහෙළා ඇත. එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගී වූ තරග හතටම ක්‍රීඩාකළ ලසිත් මාලිංග කඩුලු 10 ක් බිඳහෙළා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

