'මිත්‍රශීලී ප්රතිමල්ලවයන්ගේ සියවස' සමරයි
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය වන 'කන්ද උඩරට නිල්මහා සටන' (Hill Country’s Battle of the Blues) තරගයේ සියවස් වර්ෂ පූර්ණ තරගය 'මිත්‍රශීලී ප්රතිමල්ලවයන්ගේ සියවස' යන තේමාව යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මාර්තු 10 හා 11 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
පාසල් දෙක අතර පැවැත්වෙන සියවස් මහා ක්‍රිකට් තරගය පිළිබඳව දැනුම්දීමට ත්‍රිත්ව අන්තෝනියන් ඒකාබද්ධ කමිටුව විසින් පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එම අවස්ථාවට සමගාමීව මෙම තරගයේ නිල වෙබ් අඩවිය වන www.trintyantonian.com දියත් කිරීමද සිදුකෙරිණි. ශාන්ත අන්තෝනි හා ත්‍රිත්ව විදුහල් මහනුවර දිස්ත්‍රික්කයෙන් පැරණිතම විද්‍යාල දෙකක් වන අතර ත්‍රිත්ව-අන්තෝනියන් ක්‍රිකට් තරගය මෙරට 06 වැනි පැරණිම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියද වේ.
පාසල් දෙකටම දිගු ක්‍රිකට් ඉතිහාසයක් ඇති අතර, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දායක වූ මෙරට පැරණිතම පාසල් දෙකක්ද වශයෙන්ද සැලකෙයි. පසුගිය වාර්තා අනුව, ත්‍රිත්ව විදුහල ඔවුන්ගේ ප්‍රථම ක්‍රිකට් තරගය වර්ෂ 1893 ද ශාන්ත අන්තෝනි විදුහල වර්ෂ 1899 දී පවත්වා තිබේ.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති ආන්ඩෘෘ ෆලවර් වැට් මහතා මාධ්‍ය හමුවේදී පවසා සිටියේ වාර්ෂිකව පැවැත්වෙන ත්‍රිත්ව - අන්තෝනියන් අන්තර් පාසල් ක්‍රිකට් තරගය මෙරට පාසල් ක්‍රිකට් තරග අතර වඩාත් කීර්තිමත් සහ ප්‍රධාන ක්‍රිකට් තරගවලින් එකක් වන බවත් දිනෙන් දින ශක්තිමත්ව ඉදිරියට යන සම්ප්‍රදායෙන් හා විශිෂ්ට ක්‍රිකට්වලින් සමන්විතවූ මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත්ය.
පසුගිය හා වර්තමාන සිසුන් හා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්ෂේත්රය තුළ පිටතට පෙන්වන විනය පිළිබඳව අදහස් දක්වන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පති දේවගැති හා ආදිශිෂ්‍ය පූජ්‍ය හෙන්රි විජේරත්න, මහනුවර විශාලතම සහ පැරණිතම පාසල් දෙකක් වශයෙන් මෙම අවස්ථාව සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවයි. අනෙකුත් සියලු පාසල් සඳහා ආදර්ශවත් තරගයක් වනවා මෙන්ම එක දක්ෂතා හා මිත්‍රශීලී එදිරිවාදිකම් සවිබලගැන්වීමටත් වේදිකාවක් සපයනවා'' යැයිද වැඩිදුරටත් පවසා සිටියේය.
ත්‍රිත්ව විදුහල සහ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකාබද්ධ කමිටුව විසින් මෙම සියවස් මහා ක්‍රිකට් තරගයට අදාළ සියලු කටයුතු සම්බන්ධයෙන් භාවිත කළ යුතු නිල උත්සව ලාංඡනය නිකුත් කර තිබේ. එවැනි ඒකාබද්ධ රාත්‍රී සාදයක්, නුවර සහ කොළඹ පැවැත්වෙන සුහද හමුවීම් දෙකක් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන සාම්ප්‍රදායික තේ සාදය හා අන්තෝනියන් ක්‍රිකට් කානිවල් වැනි උත්සව අවස්ථාවන් මාලාවක් මේ ඓතිහාසික අවස්ථාවට සැමරීමට සංවිධානය කර ඇත.
Old antonians cricket wing, trinity college cricket foundation සහ Old Trinitians sports club මෙම තරගය හා උත්සව අවස්ථා සංවිධානය කිරීමට ඒකාබද්ධ කමිටුවට සහාය ලබාදෙනු ලැබේ.
මේ වනවිට පාසල් දෙක අතර තරග 99ක් පවත්වා ඇති අතර ත්‍රිත්ව විදුහල ඉන් තරග 23ක් ද ශාන්ත අන්තෝනි විදුහල තරග 12ක්ද ජයගෙන තිබේ. තරග 64ක් ජය පරාජය තීරණයක් නොමැතිව අවසන් කර තිබේ. ත්‍රිත්ව විදුහල ලබාගෙන තිබෙන ජයග්‍රහණයන්ගෙන් බහුතරයක් ජයග්‍රහණ ප්‍රමාණයක් නිදහසට පෙර යුගයේ ලබාගෙන ඇති අතර, නිදහස හිමි වූ පසු ශාන්ත අන්තෝවනි විදුහල වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබේ. මෙහිදී ලබාදෙන ජයග්‍රාහී කුසලානය ත්‍රිත්ව විදුහලේ ආදි ශිෂ්‍ය‘යෙකු වූ පසුව ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කළ ජෝන් හලන්ගොඩ සිහිකිරීම පිණිස හඳුන්වාදෙන ලදී.
දේශීය හා ජාත්‍යන්තර තලයේ දී බැබළෙන විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුන්වාදීමේ සාඩම්බර ඉතිහාසයක් පාසල් දෙකම සතුව තිබේ. ඔවුන් අතරින් ජැක් ඇන්ඩර්සන්, ඒ.සී.එම්. ලෆීර්, මහේෂ් ගුණතිලක, බර්නාඩ් පෙරේරා, මාලන් වොන්හැගට්, රුවන් කල්පගේ, පියල් විජේතුංග, මුත්තයියා මුරලිදරන් සහ සජිත් ප්‍රනාන්දු ශාන්ත අන්තෝනි විදුහලෙන් ක්‍රිකට් අත්පොත් තැබූ ක්‍රීඩකයන් වන අතර රවි රත්නායක, නිලන්ත රත්නායක, කෞෂල්‍ය වීරරත්න, කුමාර් සංගක්කාර, සචිත් පතිරණ, නිරෝෂන් දික්වැල්ල හා ළහිරු කුමාර ත්‍රිත්ව විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ක්‍රීඩකයන්ය. මෙම පාසල් දෙක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක් හඳුන්වා දී ඇති අතර මධ්‍යම පළාතේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් වැඩිම ප්‍රමාණයක්ද බිහිකර තිබේ.