ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් හා පළපුරුදු ක්‍රීඩකයන් අතර සමබරතාවක් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකාවේ හිටපු දඟ පනදු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් හා එක්දින තරගාවලියේ පරාජය පිළිබඳව මෙන්ම ශ්‍රි ලංකා කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළීබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව හා පැවැති එක්දින තරගාවලියට නම් කළ ශ්‍රි ලංකා කණ්ඩායමට වසර 30 ඉක්වමූ ක්‍රිඩකයන් ඇතුළත් වූයේ දෙදෙනෙකු පමණි. නායක උපුල් තරගං හා අසේල ගුණරත්න එම ක්‍රීඩකයෝ වූහ.
එසේම තමා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිඩා කළ කාලසීමාවේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පිළිබඳව මුරලි අදහස් දක්වා තිබෙ
"මම ක්රීඩජා කරන කාලයේ ඔවුන් සුරාජ් රන්දිව් ගෙනවා. නමුත් ඔහුට සිදුවූ දෙයක් නෑ. අජන්ත මෙන්ඩිස් මෙන්ම ජීවන් මෙන්ඩිස්ටත් ඒ දේ වූවා. දක්ෂ ක්‍රීඩකයන් එනවා යනවා. එය ඔවුන්ගේ විශ්වාසයට ගැටලුවක් ඇති කරනවනවා. "