ශ්‍රී ලංකාවේ දග පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් සිය පන්දු යැවීමේ පරීක්ෂණය චෙන්නායි හි පිහිටි අයි.සී.සී. පරීක්ෂණ මධ්‍යස්ථානයේදී සිදුකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පරීක්ෂණයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත බවද එම මාධ්‍යවාර්තා සඳහන් කරයි. චෙන්නායිහි පරීක්ෂණ මධ්‍යස්ථානයේදී පැය දෙකහමාරකට ආසන්න කාලයක් ඔහු පරීක්ෂණයට භාජනය වී තිබේ.