විවෘත පිරිමි ශූරතාව එස්. තරිඳු උදයංග (මාදම්පා ම.ම.වි.) විසින්ද, විවෘත කාන්තා ශූරතාව සුනීතා විජේරත්න (නාවික හමුදාව) විසින්ද දිනාගනිමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල විසින් සංවිධානය කරනු ලැබූ 42 වැනි සැතපුම් දෙක විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය පසුගියදා අම්බලන්ගොඩ තානායම අසල වෙරළ තීරයේදී නිමාවට පත්විය.
තරගය අවසන් කිරීම සඳහා තරිඳු උදයංග මි. 37.70 ක කාලයක්ද, සුනීතා විජේරත්න මි. 44.14ක කාලයක්ද ගත කළහ.
පිරිමි අනුශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඩබ්. රවිඳු රික්ෂාන් (මි. 38:40) විසින්ද, තෙවැනි ස්ථානය මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ඒෂාන් සොවිස් (මි. 39:13) විසින්ද දිනාගත්හ. එහි කාන්තා අනුශූරතාව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ ජී. ශෂිනි නවෝද්‍යා (මි. 44:51) විසින් දිනාගත් අතර, තෙවැනි ස්ථානය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එස්.කේ.එස්. බියංකා (මි. 48:19) විසින්ද දිනාගනු ලැබීය.
තරගාවලියේ විවෘත පිරිමි කණ්ඩායම් ශූරතාව මරදාන ශාන්ත ජෝශප් විදුහල විසින් දිනාගත් අතර, විවෘත කාන්තා කණ්ඩායම් ශූරතාව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය විසින් දිනාගනු ලැබීය. ඊට අමතරව වයස්ගතම ක්‍රීඩකයා ලෙස එස්.එම්. චන්ද්‍රපාල (කිංග් රෝස් ජල ක්‍රීඩා සමාජය, වැල්ලවත්ත), දක්ෂතම ආබාධිත ක්‍රීඩකයා ලෙස ඩබ්ලිව්.කේ.එස්. විදුරංග (යුද හමුදාව), දක්ෂතම ළාබාල ක්‍රීඩකයා කේ.එන්.ටී. පෙරේරා (ධර්මපාල විදුහල, පන්නිපිටිය), දක්ෂතම ළාබාල ක්‍රීඩිකාව ලෙස එල්.ජී. සොනාලි මිචිකො (සංඝමිත්තා බාලිකා විදුහල, ගාල්ල) සම්මාන හිමිකරගත්හ.
මෙම තරගාවලිය සඳහා පාසල් හා ජල ක්‍රීඩා සංගම් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 550 දෙනෙක් පමණ සහභාගී වූහ.
සුසිල් ප්‍රියන්ත