තරග පාවාදීම් ගැන CIDයට පැමිණිල්ලක්
ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයට එල්ල වී ඇති තරග පාවාදීම් පිළිබඳව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස පළාත් පාලන හා පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දී ඇත.
ඒ පිළිබඳව අද (27දා) සවස ක්‍රිකට් ආයතනයේ පැවැති විධායක කමිටු රැස්වීමේදීද මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
එසේම මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සියලු දෙනාම වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත්කිරීමටද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
එසේම ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර ඇතුළත් කර දින තුනක් ඇතුළත වාර්තාවක් සකස් කිරීමට මොහාන්ද සිල්වා, රොෂාන් බියන්විල හා චන්න වීරක්කොඩි යන මහත්වරුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


