ඩිවිලියස් බැංගලෝර් දිනවයි
- 5 05 2014
- 08:38
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සන්රයිසස් පන්දු යවන්නන්ට පාලනය කළ නොහැකිවූ ඒ.බී ඩිවිලියස්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර ඊයේ (04දා) රාත්‍රියේ බැංගලෝර්හි පැවැති තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.
බැංගලෝර් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 155/6 රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම එම ඉලක්කය තරගයේ 19.5 වැනි පන්දුවේදී පසුකර යාමට සමත්විය. තරගයේ වීරයා ලෙස ඩිවිලියස් සම්මාන ලැබීය.
සන්රයිසස් 155/6 (පන්දුවාර 20)
ඩේවිඩ් වෝනර් 61 (පන්දු 49, 4x4, 6x3)
ශිකර් දවාන් 37 (පන්දු 36, 4x4)
මිචෙල් ස්ටාක් 21/2 (පන්දුවාර 4)
බැංගලෝර් 155/5 (පන්දුවාර 19.5)
ඒ.බී ඩිවිලියස් 89* (පන්දු 41, 4x6, 6x8)
ක්‍රිස් ගේල් 27(පන්දු 19, 4x4, 6x2)
කර්න් ශර්මා 17/3 (පන්දුවාර 4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

.jpg)
