(VIDEO) ටෙස්ට්, ටෙස්ට් හා විස්සයි20 පිටියේ එකසේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වෙන තිලකරත්න ඩිල්ෂාන් එම තරග රටා තුනේදීම ශතක වාර්තා කිරීමට සමත්ව තිබේ. එසේම ඔහු එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ පස්වැනි පිතිකරුවා වෙන අතර ශ්‍රී ලංකාවෙන් එවැනි දක්ෂතාවක් දැක්වූ පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක්ද වෙයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දක්ෂතාව දක්වා ඇති අනෙක් පිතිකරු වන්නේ මහේල ජයවර්ධනයයි. ක්‍රිස් ගේල්, බ්‍රෙන්ඩන් මැකලම්, සුරේෂ් රයිනා හා මාටින් ගප්තිල් මේ දක්වා ලෝකයේ එවැනි දක්ෂතාවක් දක්වා ඇති ක්‍රීඩකයෝ වෙති.
ඩිල්ෂාන් වාර්තා කර ඇති විස්සයි20 ශතකය ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේ පිටියේදී 2011 වසරේදී වාර්තා කළ අතර එම තරගයේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දැරූ අතර නොදැවී ලකුණු 104ක් රැස්කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 35ක ජයක් හිමිකර දෙමිනි.එසේම ඩිල්ෂාන් 2009 වසරේදී කොදෙව්වන්ට එරෙහිව නොදැවී ලකුනු 96ක්ද රැස්කර තිබේ.
VIDEO