ක්‍රිකට් පිටියේ දමාගසන පන්දු යවන්නන් නීතියේ රැහැනට යොමුකර ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේ වසර 20 ක ප්‍රමාදයකින් පසුව බව හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ඔස්ට්‍රේලියාවේ ඩැරල් හෙයා පවසයි.
‘සිඩ්නි මෝනින්ග් හෙරල්ඩ්’ පුවත් සේවයට අදහස් දක්වමින් හෙයාර් පවසන්නේ මෙම වරද නිවැරදි කරගැනීමට ඔවුන්ට 1995 වසරේදී අවස්ථාව තිබූ බවයි.
1995 වසරේදී ඩැරල් හෙයා විසින් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල කළ වසර විය.
“මම හැමදෙයක්ම කළෙ මගේ රැකියාවට අනුවයි. ඒ වගේම එය කළෙ මගේ උපරිමයෙන්” යනුවෙන් විනිසුරු ඩැරල් පවසයි.