වසර 65කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සමත්විය. ඒ තරගාවලියේ ඔවුන් සහභාගීවූ තරග හතනේ තරග හතරක ජය තහවුරු කරගනිමිනි. ඉතිරි තරග දෙක ජයපරාජයෙන් තොරව අවසන්ව තිබේ.
ටැමිල් යූනියන් කණ්ඩායම අවසන්වරට පළමු පෙළ ලීග් ශූරතාව හිමිකරගෙන ඇත්තේ 1950/51 තරග වාරයේදීය. ටැමිල් යූනියන් කණ්ඩායමට කිරුළ ගෙන ඒම සඳහා සුවිශේෂී මෙහෙයක් ඉටු කිරීමට තරංග පරණවිතාන සමත්වූ අතර ඔහු තරග සමස්ත තරගාවලියේ තරග 10කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 935කි.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කිත්රුවන් විතානගේ, ධනන්ජයද සිල්වා, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, ජීවන් මෙන්ඩිස්, රමිත රඹුක්වැල්ල, තරංග පරණවිතාන ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරයි.