එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේජොනතන් ට්‍රොට් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. ඒ පසුගියදා (04දා) අවසන් වූ බ.ඉ.කොදෙව් සංචාරයෙන් පසුවය.
එංගලන්තය වෙනුවෙන් 2009 වර්ෂයේ දී අන්තර්ජාතික එක්දින වරම් දිනාගත් ට්‍රොට් ටෙස්ට් සංචිතයේ කැපී පෙනෙන මැද පෙළ පිතිකරුවෙකුද විය. කෙසේ නමුත් පසුගිය සමයේදී එතරම් දක්ෂතා අතර සිටීමට ඔහු අසමත් වූ අතර 2013 වර්ෂයේදී පැවැති අළු බඳුන තරගාවලියේදී මානසික ආතතිය හේතුවෙන් ඔහු කලක් ටෙස්ට් පිටියෙන් අෑත්ව සිටි ට්‍රොට් නැවතත් එංගලන්ත සංචිතයට එක් කරගැනීමට තේරීම් කමිටුව පියවර ගත්තේ පසුගිය
බ.ඉ.කොදෙව් සංචාරයේදීය. දකුණු අප්‍රිකාවේදී උපත ලබා ඇති ට්‍රොට්, ටෙස්ට් තරග 52 කදී හා එක්දින තරග 68 කදී එංගලන්තය නියෝජනය කොට ඇත.
කෙසේ නමුත් ට්‍රොට් අවසන් වශයෙන් එක්දින තරගයක් නියෝජනය කළේ 2013 වසරේ පැවැති චැම්පියන්ස් ලීග් තරගාවලියේදීය.
සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් ට්‍රොට් පැවසුවේ, තමා මෙම තීරණයට එළඹීයේ දැඩි අසීරුතාවක් මධ්‍යයේ බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී අඛණ්ඩවම ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි නියෝජනය කිරීම සිය බලාපොරොත්තුව බව හෙතෙම පවසා සිටියේය.