ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ මනෝ විශේෂඥයා ලෙස කටයුතු කරන ජෙරම් ස්නේප් මහතාගේ සේවය තවදුරටත් ලබාගැනීමට තීරණය කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (05දා) නිවේදනය කළේය.
ඒ අනුව ඔහු මෙස මස 24 වැනිදා සිට මාර්තු මස 09 වැනිදා දක්වා දින 14ක කාලයක් ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සේවය කරනු ඇත. නිමාවූ එංගලන්ත තරග සංචාරයේදීද ස්නේප් මහතාගේ සේවය ශ්රී ලංකා කණ්ඩායම ලබාගත් අතර, ශ්රී ලංකා කණ්ඩායම ලැබූ තරගාවලි ජයග්රහණයට ඔහුගේ සේවය ඉවහල්වූ බව එම නිවේදනයේ දැක්වෙයි. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් මෙසේ ඔහුගේ සේවය දිගුකර ඇත.